එහිදී ආරක්‍ෂක ලේකම්වරයා දෙරට අතර පවතින දීර්ඝ කාලීන අන්තර් සහයෝගීතාව පිළිබඳව ද සිහිපත් කළේය.
දෙරටේ ආරක්‍ෂක කරුණු සම්බන්ධ ව ඉන්දීය ධූත පිරිසක් සමඟ අද පැවති සාකච්ඡාවේදි ජෙනරල් කමල් ගුණරත්න මහතා මෙම අදහස් පල කරන ලදී. ඇතිවී තිබෙන වසංගත තත්වයන්ට මුහුණ සෙමින් දෙරට අතර දීර්ඝකාලීනව කරගෙන යනු ලබන හමුදා පුහුණු වැඩසටහන් ඉදිරියටත් සාර්ථක ව ක්‍රියාත්මක කිරිම කෙරෙහි ද එහිදි අවධානය යොමු විය.
ද්විපාර්ශික සහයෝගීතාවය සහ අන්‍යෙන්‍යව වැදගත් වන අංශ පිළීබඳව ද මෙම සැසිවාරයේදි සාකච්ඡා කෙරිණි. ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර සමරු පලක හුවමාරු කර ගැනීමද සාකච්ඡා අවසානයේ සිදු විය.
මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා , ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා, ජාතික බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරල් රුවන් කුලතුංග මහතා (විශ්‍රාමික) , හමුදා සම්බන්ධතා නිළධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර මහතා , අතිරේක ලේකම් (ආරක්‍ෂක) PBSC නෝනිස් මහතා , ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කැප්ටන් විකාශ් ශූඩ් මහතා සහ අමාත්‍යාංශ නිළධාරින් ද එක්විය.