සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවති අතර එහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.
MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම සදහා අදාළ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සාකච්ඡා කරමින් සිටින බවත් මේ වන විටත් සිදු වු හානිය සම්බන්ධයෙන් පළමු අතුරු හිමිකම් පෑමක් ලෙස මැයි මස 23 වැනි දින සිට ජුනි මස 03 වන දින දක්වා දින දහයක කාලය තුළ රජයේ ආයතනවලට වැය වු වියදම් හා රටට වු හානිය පිළිබඳව වන්දියක් ඉල්ලා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරට සිදු වු හානිය සම්බන්ධයෙන් වු ප්‍රධාන හිමිකම් පෑම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා කම්ටු 05 ක් පත් කර ඇති බවත් එම කමිටු ඉතා කඩිනමින් මේ වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවත් මෙහිදී සඳහන් කෙරිනි. එමෙන්ම මෙම ගින්න හේතුවෙන් හානියට පත් බාහිර පාර්ශ්වයන් සඳහා තමන්ට වු හානිය පිළිඳව දැනුම්දීම සදහා වෙනම ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් ඒ වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවත් මෙම සිද්ධියෙන් පීඩාවට පත් ජනතාව සිද්ධිය ඇති වීමට පෙර පැවති තත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධව අදාළ වන්දි ලබා ගැනීම සදහා ජත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතවරිය සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශේෂඥයින් තිදෙනෙකු මෙරටට පැමිණිමට නියමිත බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
නෞකාවේ ඇති වු ගින්න හේතුවෙන් මෙරට ආර්ථිකයට, පරිසර පද්ධතියට, ධීවර කටයුතුවලට මෙන්ම විවිධ ක්ෂේත්‍රවලට විශාල වශයෙන් බලපෑම් ඇතිව තිබෙන බැවින් ඒ පිළිබඳව කරුණු වාර්තා කිරීමට පසුගිය 06 වැනි දින පැවති සාකච්ඡාවේ දී පත් කළ කමිටු විසින් මීට අදාළව සිදු කර ඇති කාර්යයන් පිළිඳව ද මෙහිදී
අවධානය යොමු විය.
මෙම සාකච්ඡාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් U.D.C. ජයලාල්, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ හා අපද්‍රව්‍ය බැහැරලීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රි නිමල් පෙරේරා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක යන මහත්වරු ඇතුළු විවිධ ආයතන නියොජනය කරමින් රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.