පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් මිලියන 71 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට

    ජූනි 15, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරල ගංජා කිලෝ 237 යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් තිදෙනෙකු (03)  (2021 ජුනි14) දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    උතුරු නාවික විධානය මගින් 2021 ජුනි 14 වන දින අළුයම පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කළ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, එහි ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා සහිත ගෝනි 02 ක් සොයා ගන්නා ලද අතර, එහිදී එම ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රා‍ව නාවික හමුදා භාරයට ගන්නා ලදී. පසුව සැකකරුවන්ගෙන් අණාවරණය කරගත් තොරතුරු මත නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී සැකකරුවන් විසින් මුහුදට දමා තිබූ තවත් කේරළ ගංජා සහිත ගෝනි 06ක් සොයා ගැනීමට හැකි විය.
    ඒ අනුව, මෙම සමස්ථ මෙහෙයුම මඟින් ගෝනි 08 අසුරා තිබූ තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 237යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී ජාවාරම් කරුවන් විසින් ඩිංගි යාත්‍රාව වෙත ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සාහකරන්නට ඇතැයි සැක කෙරේ. තවද, මෙම කේරළ ගංජා තොගයේ විථි වටිනාකම රුපියල් මිලියන 71 කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.
    කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 28ත් 29ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කර ගැනීමට හැකි විය. මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇති අතර, නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව එම මුහුදු ප්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya