ඒ අනුව මෙම අමාත්‍යංශය වෙත කාබනික පොහොර නිෂ්පාදනය, සැපයුම හා නියාමනය සම්බන්ධව වගකීම් පැවරී ඇති අතර දැනට දිස්ත්‍රික් මට්ටමෙන් මධ්‍යම හා කුඩා පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන ව්‍යවසායකයින්ව නිසි පරිදි නගා සිටුවා ඔවුන්ගේ නිෂ්පාදනයන් ජාතික අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා භාවිත කිරීමට වැඩපිළිවලක් සකසා ඇත.
එකී වැඩපිළිවෙල යටතේ ඔවුන් හට අවශ්‍ය තාක්ෂණය ලබා දීම ,වෙනත් පහසුකම් සැපයීම හා නිෂ්පාදන ජාලයක් සමඟ සම්බන්ධ කිරීම සිදු කරනු ලැබේ.
ඒ අනුව 2021.06.11 දින සිට 2021.06.30 දින දක්වා දිවයින පුරා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ගොස් කාබනික පොහොර නිෂ්පාදකයින් හමුවීමට කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතා සැලසුම්කළ ඇත.
මේ සඳහා කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතා, කලුතර දිස්ත්‍රික් කමිටු සභාපති අනූප පැස්කුවල් මහතා, කලුතර දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා සහ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා සහ මහා පරිමානයෙන් කාබනික පොහොර නිශ්පාදනය කරන ආයතන වල නියෝජිතයන් ඇතුලු පිරිසක් සහභාගී විය.
අතිගරු ජනාධිපතිතුමා විසින් 2021 අප්‍රේල් මස 21 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව අනුමත කර ඇති "දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා" යන මැයෙන් යුතු අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් සියළුම වර්ගවල රසායනික පොහොර හා පලිබෝධ නාශක ආනයනය කිරීම තහනම් කර ඇත.