අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රජය බලාපොරොත්තු වූ අයුරින් මෙරටට කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට නොහැකි වූ බවත් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලබා දීමට නියමිතව තිබූ එන්නත් ප්‍රමාණය ලබා දීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානයට නොහැකි වූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා එය මුදල් ගෙවීමේ අඩුපාඩුවක් නොවන බවද පැහැදිළි කළේය.
එහෙත් ඇතැම් පුද්ගලයන් මේ සම්බන්ධයෙන් විවිධ අසත්‍ය චෝදනා රජයට එල්ල කරන බව කී අමාත්‍යවරයා, කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරිපෙළ කටයුතු කරන ආරක්ෂක අංශයෙ ඇතුළු සියළු දෙනාටම මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවද කීය.
85,000ක් පමණ වන පොලිස් නිලධාරින්ගෙන් අතැම් නිලධාරින්ට මෙම එන්නත ලබා දීමට නොහැකි වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරියේ දී එම නිලධාරින්ට ද කොවිඩ් ඒන්නත ලබා දීමට කටයුතු කරන බවද කීය.