ඉකුත් දා ගිණිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් සිදුවූ හානිය හා ඒ සම්බන්ධ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(15දින) පැවති මාධය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා පැවසුවේ වෙරළ සංරක්ෂණ අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය, නාවික හමුදාව, නාවික හා වරාය අමාත්‍යංශය ඇතුළු විශාල පිරිසක් මේ සඳහා කටයුතු කරන බවත්,මේවන විට එම කටයුතු සිදුවන බවත්, ඉදිරියේදී විශාල කටයුතු රාශියක් සිදු කිරීමට නියමිත බවත්ය.
ඒ අනුව ඉදිරි පියවර යටතේවෙරළට පැමිණි කසළවලට වඩා මුහුද පතුලේ තැන්පත් වී ඇති ප්ලාස්ටික් කැබලි, නෞකාවේ කැබලි හා තවත් රසායිනික ඉවත් කිරීම සඳහා තවදුරටත් කටයුතු කිරීමට සිදුවන බවත්, ඒ සඳහා ඉදිරියේදී විශේෂඥ උපදෙස් ලබාගෙන එම ඉවත් කිරීම් කටයුතු සිදු කෙරෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.
මෙම අපද්‍රව්‍ය මේ වන විට දියවැල් නිසා විවිධ ප්‍රදේශවලට ගසාගෙන ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ද කටයුතු කළ යුතු බවත් නාලක ගොඩහේවා මහතා පැවසීය.
මෙම නෞකාවෙන් සිදුවූ පාරිසරික හා ආර්ථික හානිය ගණනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංගමය මගින් උපදේශකයන් තිදෙනෙකුගෙන් යුත් පිරිසක් එවන බවත් මීට අමතරව තවත් රටවල් රාශියක් සමඟ කෙරෙන සාකච්ඡා මගින් එම රටවල් සිය උපකාර ලබාදීමට සූදානම් බවත්, මෙම සියලුම පිරිස් සමඟ එකතුව සිදු කෙරෙන නිර්ණයන්ට අනුව පාරිසරික හා ආර්ථීක හානිය තීරණය කළ හැකි බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.