ඉකුත් දා ගිණිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් සිදුවූ හානිය හා ඒ සම්බන්ධ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(15දින) පැවති මාධ්‍ය හමුවේදී ලේකම්වරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා පැවසුවේ, මෙම සාගරික පරිසරයෙන් ඉවත් කළ අපද්‍රව්‍ය විනාශ කිරීමකට ලක් නොකර ඒවා පරික්ෂා කිරීමට භාජනය කරන බවත්, මෙම අපද්‍රව්‍ය නීතිමය කටයුතු සඳහා සාක්ෂි ලෙස භාවිතා කරන බවත්ය.
ගොඩබිමට පැමිණි අපද්‍රව්‍ය ඉවත් කර පවිත්‍ර කිරීම අතින් ඉතා ඉදිරියෙන් සිටින නමුත් තවත් බහාලුම් විශාල සංඛ්‍යාවක් මෙම නෞකාවෙහි තවදුරටත් පවතින බවත්, මේ අවස්ථාවේ සක්‍රීයව කටයුතු කිරීමේ නොහැකියාවක් පැවතුනද නුදුරේදී මෙම තිබෙන බහාලුම් ඉවතට ගැනීම කිරීම සිදු කෙරෙන බවත්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.