රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(15 දින ) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජීඑස්පී ප්ලස් සහනය ඉවත්කිරීමට යුරෝපීය සංගමය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ව්‍යවස්ථාව වෙනස්කිරීම රටේ ජනතාවගේ අයිතියක් පමණක් බවත්, එයට බාහිර බලවේගවලට අතපෙවීමට හැකියාවක් නොමැති බවත්, රටේ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ත්‍රිත්වයට විනා ජනතාවගේ ස්වාධිපත්‍ය නිරූපණය කිරීමට වෙනත් බාහිර සංගම්වලට හැකියාවක් නොමැති බවත්ය.
ශ්‍රී ලංකාව ළමා මෙහෙකාර සේවය, කම්කරු නීතිය නොපිළිපැදීම හෝ කම්කරු අයිතීන් කඩ කිරීම වැනි කටයුතු සිදු කරන්නේ නම්, ජීඑස්පී ප්ලස් සහනය කප්පාදු කිරීම සාධාරණීකරණය කළ හැකි වුවද ඇඟලුම් හා ජීඑස්පී ප්ලස් සහනය ඇති අනෙකුත් කර්මාන්තවලට කිසිඳු සම්බන්ධයක් නොමැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කිරීමක් අළලා ජීඑස්පී ප්ලස් සහනය ඉවත් කිරීම සාධාරණ නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය නිසි පිළිතුරක් ලබාදෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.