මෙම පරිත්‍යාග ලබා ගැනීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී ගයනි තිස්කුමාර මහත්මිය මූලිකත්වය ගෙන කටයුතු කළ බව චන්දන මහතා පැවසීය .මෙම පරිත්‍යාග අතරට පාදයෙන් ක්‍රියාත්මක කරන අත් සෝදන යන්ත්‍ර 06ක්, බෙහෙත් ඉසින යන්ත්‍ර 02ක්, රෝගීන් හතර දෙනෙකු සඳහා එකවර ඔක්සිජන් ලබා දීමේ හැකියාව සහිතව වැඩිදියුණු කරන ලද ඇඳන් 04ක්ද, හෘද රෝගීන් සඳහා හෘද රෝග හදුනා ගැනීමේ යන්ත්‍රද ලැබී ඇත.
කොළඹ බන්ධනාගාර පරිශ්‍රය තුළදී බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා වෙත සංකේතාත්මකව මෙම සෞඛ්‍ය උපකරණ ආධාර ලබා දීම විද්‍යාර්ථී සංගමයේ සභාපති ඉංජිනේරු ඩී.එම්.ඩී.වී. ජයම්පති මහතා විසින් සිදු කර ඇති අතර මෙම අවස්ථාව සඳහා වෛද්‍ය ජගත් කුමාර මල්වත්ත මහතා, වැලිකඩ බන්ධනාගාර අධිකාරී ගාමිණී දිසානායක මහතා, බන්ධනාගාර රෝහල් කාර්යය මණ්ඩලය සහ විද්‍යාර්ථී සංගමයේ සාමාජිකයින්ද සහභාගී වී ඇත.