මාරාන්තික කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩිත ලක්වාසී ජනතාවටත්, සකල ලෝකවාසී ජනතාවටත් සෙත් පැතීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ අට දිශාව ආවරණය වන පරිදි රතන සූත්‍ර සජ්ජායනය කිරීමේ පිංකම් මාලාවක් දේශීය පැවැත්වීමට නියමිතය.
වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනූව එළඹෙන ජූනි 22 වන දින සිට 28 වන දින දක්වා පුරා දින 07ක් පස්වරු 07.11 සිට පිරිත් සජ්ජායනය කිරීමට නියමිතය.
දිවයිනේ අට දිශාව ආවරණය වන පරිදි කැළණිය රජමහා විහාරය, කළුතර පලාතොට ගංගාරාම රජමහා විහාරය, මාතර දෙවිනුවර විහාරය, මොණරාගල හදපානාගල කන බිසවාරාම විහාරය, පොලොන්නරුව සෝමාවතී රජමහා විහාරය, සේරුවාවිල රජමහා විහාරය, යාපනය ශ්‍රී නාග විහාරය, මන්නාරම මාතොට රජමහා විහාරය යන විහාරස්තානයන්හිදී අබතෙල්, පොල්තෙල්, එළගිතෙල්, තලතෙල් මිශ්‍ර පහන් 108 ක් දල්වා රතන සූත්‍රය දේශනා කරනු ලබයි.