ඔවුන් මේ බව සහතික වූයේ, (16)දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජීනේරු සංගමය කෘෂිකර්ම අමාත්‍යාංශයේදි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවූ අවස්ථාවේදීය.
රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන්, ඉංජීනේරුවරුන්, වෘත්තිකයන් ඇතුලත්ව පුළුල් සංවිධානයක් ලෙස පොදුජන පෙරමුණ ඉංජිනේරු සංගමය දිවයිනපුරා ක්‍රියාත්මක වන අතර, මව්පොළව ලෝකයේ කාබනික ගෙවත්ත කිරිමට සියලු සහය ලබාදෙන බවද, කාබනික ගොවිතැනට අවශ්‍ය සියලු යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනයට සූදානම් බව හා නව වැඩපිළිවෙලට අවශ්‍ය දත්ත ගබඩා, පරිගණක යෙදවුම් ඇතුළු සියලු තාක්ෂණය,දැනුම දෙන්න සූදානම් බවද ඔවුන් පැවසුවෝය.
කාබනික පොහොර භාවිතාකොට කෘෂිකර්මයේ ඉදිරි දිශානතිය සකස්වන ආකාරය මෙහිදි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැහැදිලි කළේය. වාර්ෂිකව රුපියල් බිලියන 100 ක බහු ජාතික සමාගම් මෙහෙයවන වෙළදාමක් හෙවත් ලෝකයේ ක්‍රියාත්මක වන මාෆියාවට එරෙහිව කටයුතු කිරිමේ අභියෝගයද සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ රජයේ ඉදිරි වැඩපිළිවෙල හා ඒ සඳහා වෘත්තිකයන් ලෙස , රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස ඉංජීනේරුවන් ලෙස සහාය ලබාදිය යුතු බවයි.
1965 සිට වසර 57 ක් රසායනික කෘෂිකර්මයට හුරු වු සමාජය හා නිලධාරින් වෙනස් කිරිම ලෙහෙසි පහසු නොවන බවද පැහැදිලි කළ අමාත්‍යවරයා ඒ සඳහා සමාජය දැනුවත් කිරිමේ සටනට පෙරට එන ලෙස මෙම වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටියේය. සිඩර්, විඩර් වැනි යන්ත්‍ර සූත්‍ර ඇතුළු කාබනික කෘෂිකර්මයට අවශ්‍ය සියලු යන්ත්‍ර සූත්‍ර නිපදවීමට ඉංජිනේරුවන් ලෙස අවශ්‍ය සියලු සහය හා මැදිහත්වීම සිදු කරන බව මෙහිදි විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය.
ලංකා පොස්පේට් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශකලේ කෘෂි පොහොර සකස් කිරිමට අවශ්‍ය සියලු සහය ලබාදෙන බවයි. එසේම වස විස නැති රටක් ,ජාතියක් නිර්මාණයට අවශ්‍ය සමාජ දැනුවත් කිරිම වෙනුවෙන් අවශ්‍ය සියලු මැදිහත්වීම සිදුකරන බව මෙම සාකච්ඡාවට එක්වු විද්වතුන් ප්‍රකාශ කළහ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හරහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිපදවීමට ද මෙහිදි එකඟතාවය පළවිය.
ශ්‍රී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත කිරිමේ ජාතික සටනට සියලු සහය ලබාදෙන බව මෙම සාකච්ඡාවට එක්වු විද්වතුන් අවධාරණය කළ අතර ශ්‍රි ලංකා රජය රසායනික භාවිතය තහනම්කොට පාරිසරික කාබනික කෘෂිකර්මයට යොමුවීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට සහය දීමට රටවල් දහයක් සිය තානාපති කාර්යාල හරහා ලිඛිතව දැනුම් දී ඇති බවද මෙහිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.
අවි ආයුධ හා මත්ද්‍රව්‍ය, ඖෂද, රසායනික පොහොර හා රසායනික දියර ලෝකයේ ප්‍රධාන මාෆියාවන් 3ක් ලෙස මිහිතලය විනාශ කරමින් සිටින බවද එකිනෙක මත යැපෙමින් ක්‍රියාත්මක මෙම මාෆියාවන් පරාජයට රජය ගත් එඩිතර තීන්දුවට කොන්දේසි විරහිතව සහය පලකරන බවද සාකච්ඡාවට එක්වු විද්වතුන්, වෘත්තිකයන් අවධාරණය කළහ.