පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් 22 දා

    ජූනි 18, 2021

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) විශේෂ රැස්වීමක් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තීරණය කොට තිබේ.

    කමිටු සාමාජිකයන් සඳහා පැවැත්වෙන මෙම රැස්වීමේදී කෝප් කමිටුව විසින් 09 වන පාර්ලිමේන්තුව වෙත මෙතෙක් ඉදිරිපත් කොට ඇති වාර්තා 02 මගින් දක්වා ඇති ආයතන සහ එම ආයතන සඳහා දෙන ලද නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව සමාලෝචනය කිරීමට නියමිතව තිබේ.


    එමෙන්ම ඉදිරියේදී කෝප් කමිටුවට කැඳවීමට නියමිත ආයතන මොනවාද යන්න තීරණය කිරිමටද මෙහිදී බලාපොරොත්තු වන බව කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.


    කොවිඩ් 19 අභියෝගය හමුවේ කෝප් කමිටු රැස්වීම් මාර්ග ගත (On Line) ක්‍රමයට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    ඒ් අනුව අදාල රාජ්‍ය ආයතන වල සභාපතිවරයා සහ ගණකාධිකාරීවරයා මෙන්ම එම රාජ්‍ය ආයතනය අදාල අමාත්‍යාංශයේ ලේකම්වරයා පමණක් කාරක සභාව වෙත කැඳවා අනෙකුත් නිලධාරීන් මාර්ග ගත (On Line) ක්‍රමයට සම්බන්ධ කර ගැනීමට මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya