ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයෙකු ආයුර්වේද කොමසාරිස් ධූරයට පත් ප්‍රථම අවස්ථාව මෙය වනු ලබයි. වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා ලෙස වසර 14කට ආසන්න කාලයක් සේවය කරමින් දේශීය මෙන්ම ජාත්‍යන්තර ඵලදායීතා සම්මාන රැසක් ආයුර්වේද ක්ෂේත්‍රය සදහා හිමිකරදීමට සමත් වූ කාර්යශූර නිලධාරියෙකු වෙයි.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ් මහතා ආයුර්වේද වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය උපාධියෙන් අනතුරුව රෝහල් කළමනාකරණය පිළිබදව පශ්චාත් උපාධියක් ලබා ඇති අතර සිය ආචාර්ය උපාධිය මානව සම්පත් කළමනාකරණය සදහා හිමිකරගෙන ඇත.
ඒම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා මෙලෙස අදහස් දැක්වූවේය.
ලංකාවේ 1957දී ආයුර්වේද දෙපාර්තමේන්තුව ආරම්භ වූ දින සිට ආයුර්වේද වෛද්‍යවරයෙක් ආයුර්වේද කොමසාරිස්වරයෙක් ලෙස පත්වූ පළමු අවස්ථාව මෙයයි. ඒ් විප්ලවීය පරිවර්ථනය සිදුවූ අවස්ථාව මෙයයි. ඒ් සදහා නායකත්වය දුන් ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන්, අමාත්‍ය මණ්ඩලය ප්‍රමුඛ සියලු දෙනාටම අපගේ ආදරණීය ප්‍රශංසාව පිරිනමනවා. විශේෂයෙන්ම ආයුර්වේද ක්ෂේත්‍රයට ආවේණික ගැටලු ප්‍රහ්න හොදින් හදුනාගත්, අවබෝධ කරගත් මේ ක්ෂේත්‍රය පිළිබද විශේෂඥයෙක් ආයුර්වේද කොමසාරිස් ධූරයට පත්විය යුතු නිසා ඒ් සදහා සුදුස්සෙක් පත් කරනු ලබන ජයග්‍රාහී අවස්ථාව මෙයයි.
සාමාන්‍යයෙන් හමුදාපතිකම දෙන්නේ හමුදාවේ ඉන්න කෙනෙක්ට, පොලිස්ලතිකම දෙන්නේ පොලිස් නිලධාරියෙකුට, සංනායක පදවියක් වුණත් දෙන්නේ හාමුදුරුනමක්ට.. හැබැයි ආයුර්වේද කොමසාරිස් ධූරයට මෙතෙක් කලක් ආයුර්වේද වෛද්‍යවරයෙකු පත්කර නැහැ. අපි ඒ් වැරැද්ද ක්‍රමානුකූලව නිවැරදි කරලා ආයුර්වේද කොමසාරිස් ධූරයට ඒ් සදහා සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු පත් කළා.
ඒම අවස්ථාවට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති සාගලා අබේවික්‍රම, පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්, වෛද්‍යවරුන්, මාණ්ඩලික් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.