පාස්කු ප්‍රහාරයේ අද සහ හෙට යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(18 දින) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත මේ බව පැවසීය.
පසුගිය නීතිපතිවරයා නඩු පැවරීම් සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා නිකුත් වන තුරු සිටි බවත්, ඒවායේ පරස්පරතා ඇත්ද යන්න සෙයා බලා අධ්‍යයනය කර ඒ අනුව මෙම ප්‍රහාරයට වගකිවයුතු අයවලුන්ට ගැලවී යාමට අවස්ථාවක් නොදීමට සියලු සාක්ෂි අධ්‍යයනය කළ යුතු හෙයින් නඩු කටයුතු ප්‍රමාද වූ බවත්, අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.
ත්‍රස්තවාදී ප්‍රහාරවලදී කරන පරීක්ෂණ ගැඹුරින් අධ්‍යයනය කරන බැවින් ඒ සම්බන්ධයෙන් නීති කටයුතු කිරීමට සාමාන්‍යයෙන් ප්‍රමාදයක් පවතින බවත්, මෙම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් 42නෙක්ට හෝ ආසන්න පිරිසකට ජූලි මාසයේ මැද වන විට නඩු පැවරීමට හැකි බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.