පාස්කු ප්‍රහාරයේ අද සහ හෙට යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (18 දින) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ක්‍රමවේදය සම්බන්ධයෙන් කළ විමසුමකදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත මේ බව පැවසීය.
තමන් ධුරයට පත් වන විට ප්‍රධාන පොලිස් පරික්ෂක ධුරයේ සිට සහකාර පොලිස් අධිකාරි ධුරය සඳහා පත් කිරීමට 2014න් පසුව කිසිදු පොලිස් නිලධාරියකුට අවස්ථාවක් ලැබී නොතිබූ බවත්, මුල් අදියරේදී සුදුසුකම් මත 63ක් සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා ප්‍රධාන පොලිස් පරික්ෂක ධුරයේ සිට තෝරා පත් කළ බවත් අද වන විට එම ප්‍රමාණය 230ක් දක්වා තෝරා ඇති බවත්, මෙම පත් කිරීම් සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය සඳහා යවා ඇති බවත්, අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.
එමෙන්ම එක දිගට වසර 20කට වඩා එකම තනතුරේ සේවය කරන පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් පොලිස් සේවය තුළ සිටින බවත් ඉදිරියේදී එම නිලධාරීන්ට උසස්වීම් දීමේ නිසි ක්‍රමවේදයක් සකස් කර ඇති බවත්, පැවසීය.
මීට අමතරව ශ්‍රී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයය සමඟ සාකච්ඡා කර ලංකා පොලිස් ඇකඩමිය මගින් උපාධියක් ලබා දීම සඳහා කටයුතු කර ඇති බවත්, එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ සුභසාධන පහසුකම් වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.