මාර්තු 26, 2025
tami eng youtube  twitter facebook

    මාතර බෝධි ආරක්ෂක සභාවෙන් මාතර මහ රෝහලට වෛද්‍ය උපකරණ

    ජූනි 19, 2021

    කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දීම සදහා රෝහල් පද්ධතිය වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මාතර මහ රෝහල වෙත රු. ලක්ෂ 14ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් මාතර බෝධි ආරක්ෂක සභාවෙදී පැවැත්විණ.

    මල්ටි මොනිටර්ස්, පල්ස් ඔක්සිමීටර්ස් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් මෙහිදී පරිත්‍යාග කෙරුණු අතර එම උපකරණ මාතර බෝධි ආරක්ෂක සභාවේ හිටපු සභාපති සහ වත්මන් ලේකම් රොහාන්ත සමරසිංහ මහතා ඇතුළු නිලධාරි මණ්ඩලය විසින් මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මල්කාන්ති මැදිවක මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කර සිටියේ, රටේ සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදුන්නද සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට පුද්ගලික ආයතනවල සහ සංවිධානවල සහයෝගය ඉතා වැදගත්වන බවයි. කොවිඩ් තුන්වන රැල්ලේ බලපෑමෙන් විශාල වශයෙන් රෝගීන් වාර්තාවීමත් සමග මරණවල වැඩිවීමක් දක්නට ලැබෙන අතර රෝහල් පද්ධතිය තුළ විශාල තදබදයක් පවතින මොහොතක ඊට ශක්තියක් වීම සදහා දානපතීන් විශාල වශයෙන් තම ප්‍රදේශවල රෝහල් වැඩිදියුණු කිරීමට ඒවාට අවශ්‍ය අත්‍යාවශ්‍ය උපකරණ සපයා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම වැදගත්වන අතර මාතර බෝධි ආරක්ෂක සභාව ද එම කටයුත්තට සම්බන්ධවීම අගය කළ යුතු බව අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කරන ලදි.

    මෙම අවස්ථාවට මාතර බෝධි ආරක්ෂක සභාවේ උප සභාපති තිලක් ජයසේකර, උප ලේකම් වෛද්‍ය හර්ෂ මීමැඩුම, උප භාණ්ඩාගාරික ක්‍රිශාන්ත කුමාරනායක, කාරක සභිකයින් වන නීතිඥ සුමේධ කුලතුංග, සරත්චන්ද්‍ර ලොරෙන්සුහේවා, අමල් නිශාන්ත, සංජීව සමන් කුමාර සහ කඹුරුගමුව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සංජීව අමදෝරු යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගීවිය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya