පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    රත්නපුර දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් වර්ධනය වන කොවිඩ් පාලනයට පියවර - “කොවිඩ් මර්දනයට සියළු රාජ්‍ය සේවකයින් එකට එක්විය යුතුයි.” - සෞඛ්‍ය අමාත්‍ය

    ජූනි 20, 2021

    කොවිඩ් ආසාදනය වැඩිවන රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර සේවා සපයනු ලබන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය සහ අවශ්‍ය භෞතික හා මානව සම්පත් පිළිබදව සොයාබැලීම සදහා වූ විශේෂ සාකච්ඡාවක් (19) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් අ්‍යකෂවරු, වෛද්‍ය අධිකාරිවරු, විශේෂඥ වෛද්‍යවරු සහ ඊට අදාල රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

    සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය;

    “රත්නපුර දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල කොවිඩ් රෝගීන් වාර්තා වුනා. රත්නපුර දිස්ත්‍රික්කයේ රෝගීන් ඉහළයාම සීඝ්‍රයෙන් සිදු වෙනවා. එබැවින් ගත යුතු පියවර සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුකම් ඉහළ නැංවීම, කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධයස්ථාන සහ රෝහල් පහසුකම් ඉහළ නැංවීම අරමුණු කරගෙන අද දින මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වූවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය සියළු පහසුකම් සහිතව රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ලබාදීමට කටයුතු කිරීමට අදාල නිලධාරීන්ට මම අද දින උපදෙස් ලබාදුන්නා. දිස්ත්‍රික්කය විදිහට අප කටයුතු කළ යුතු ආකරයත් සාකච්ඡා කළා. සබරගමු පළාත් නියෝජ්‍ය පොලිස්පතිතුමා, දිසාපතිතුමා, ප්‍රධාන ලේකම්තුමිය ඇතුලු සියළු රාජ්‍ය නිලධාරින් සමග එකට එක්ව තමන් සේවය කරන දිස්ත්‍රික්කය කොවිඩ් රෝගයෙන් තොර දිස්ත්‍රික්කයක් බවට පත් කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක්. මේ දිස්ත්‍රික්කය තුල රෝගය මර්දනය කිරීමේ වගකීම තනිකර සෞඛ්‍ය අංශයට පමණක් ගැනීමට පුළුවන්කමක් නැහැ. සමස්ත රාජ්‍යයේම එකතුවෙන් එය සිදු කළ යුතු වෙනවා. කොළඹ ඉදන් මෙම රෝගය මර්දනය කිරීම පහසු කාර්යයක් නොවෙයි. සියළු අංශ එකට එක්ව ඒ ඒ දිස්ත්‍රික්කවල රෝගය පාලන කටයුතු සිදු කළ යුතු වෙනවා. අද ඒ පිළිබදව සියළු දෙනා දැනුවත් කළා. අවබෝධය ලබාදුන්නා. එම සංකල්පය මුළු රටටම ලබාදීමට කටයුතු කරනවා.”

    රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අකිල් එල්ලාවල මහතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය, සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍ය අධිකාරිවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya