එහිදී, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය 04ක්, කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය 04ක් සහ පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය 03ක් යනාදී වශයෙන් දුම්රිය ධාවනය වීමට නියමිත ව තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ - අබේපුස්ස දුම්රිය ස්ථානයෙන් දුම්රිය 3ක්, මීරිගම දුම්රිය ස්ථානයෙන් එක් දුම්රියක්, වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් එක් දුම්රියක් හා ගම්පහ දුම්රිය ස්ථානයෙන් එක් දුම්රියක් වශයෙනුත්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ - අලුත්ගම සිට දුම්රිය 04ක් වශයෙනුත්, කැළණිවැලි දුම්රිය මාර්ගයේ - අවිස්සාවේල්ලේ සිට දුම්රිය 02 ක් හා පාදුක්කේ සිට දුම්රිය 02ක් වශයෙනුත්, හලාවත මාර්ගයේ - කොච්චිකඩේ දුම්රිය ස්ථානයෙන් එක් දුම්රියක් සහ මිගමුව දුම්රිය ස්ථානයෙන් දුම්රිය 02 ක් වශයෙන් එකී දුම්රිය ධාවනයට නියමිතව තිබේ. මිට අමතරව ප්‍රධාන මාර්ගයේ වේයන්ගොඩ සහ මීරිගම සිට පැමිණෙන දුම්රිය දෙකක් පානදුර දක්වා දීර්ඝ කිරීමට නියමිත වන අතර, මහනුවර තුළත්, පොල්ගහවෙල සහ මහව අතරත්, අනුරාධපුර යන ප්‍රදේශ වලත් දුම්රිය ධාවනය සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වදිදුරටත් සඳහන් කර සිටියේය.