ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව මගින් උතුරු මැද පළාත තුළ ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියට සහ බාහිර ව්‍යවසායකයින් සඳහා ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් සමග පසුගියදා (18) ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා විසින් සාකච්ඡාවක් පැවැත්වූවේය.
මෙහිදී රක්ෂිත හා සංරක්ෂිත ඉඩම් හැර රටේ වන ගහණය 30%ක් දක්වා පවත්වාගෙන යාමේ රජයේ ප්‍රතිපත්තිය සුරැකෙන ලෙස ට ලදු කැලෑ හා මුඩු බිම් වලින් ඉඩම් ලබා ගැනීමටත්, අනවසරයෙන් විශාල ලෙස ඉඩම් අල්ලාගෙන සිටින ජනතාවගෙන්, ඔවුන්ට නිත්‍යානුකූලව දිය හැකි ඉඩම් ප්‍රමාණය ලබා දී ඉතිරි ඉඩම් නැවත රජයට ලබා ගැනීමටත් තීරණය විය.
මහාපරිමාණ ව්‍යාපෘති සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් අක්කර 5 බැගින් වු ඉඩම් කොටස් දෙකක් සහ ව්‍යවසායකයින් සඳහා ලබාදීමට අක්කර 1 බැගින් ස්ථාන විස්සකින් අක්කර 20ක් ලබා ගැනීමටත් ඒහිදී තීරණය විය.
මෙම අවස්ථාවට උතුරු මැද පළාතේ හිටපු අමාත්‍ය එස්. එම්. රන්ජිත් සමරකෝන් මහතා, ඉඩම් කොමසාරිස් ජනරාල්, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්, පළාත් ඉඩම් කොමසාරිස්, අනුරාධපුර දිසා වන නිලධාරි, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් හා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ