මෙවර පොසොන් පිංකමෙහි තේමාව වන්නේ ලොව සැමදෙනා සුවපත් වේවා යන්නයි..
රටපුරා පවතින වසංගත ව්‍යාප්ති තත්ත්වයත් සමග ජනතාවට මිහින්තලා පුදබිම වන්දනා කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති නිසා මිහිදු මා හිමි තම නිවසට වැඩම කළා යැයි හැගීමෙන් යුතුව, සිත, කය, වචනය සංවර කරගනිමින් මේ මොහොතේදී බුදු හිමියන් සහ මිහිදු හිමියන් උදෙසා පුද පූජා පවත්වන ලෙසත්, සෑම නිවසකම බෞද්ධ කොඩියක් ප්රදර්ශනය කරන ලෙසත් ඓතිහාසික මිහ්න්තලා රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ වන ආචාර්ය වලවාහිඹුරවැවේ ධම්මරතන නාහිමියන් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටියි..
මෙවර පවතින තත්ත්වය හමුවේ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් තොරව අනුරාධපුර පොසොන් පිංකම් අද සිට ඇරඹෙන අතර වෙනදා අප ස්පර්ශ කරමින් වන්දනාමාන කළ මිස්සක පවුවද අද බැත්මතුන්ගෙන් තොර හුදකලා ස්වභාවයක් උසුලනු ඇත..
මෙවර පොසොන් දිනයේ කාලීන තේමාව අනූව ලොව සැමදෙනා සුවපත් වනු දැකීම අප සැමගේත් ඒකායන පැතුමයි...