මේ මොහෙතේ ගෑස් මිල වැඩි කිරීමට කටයුතු නොකරන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) ප්‍රකාශ කර සිටියේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව කියා සිටියේය.
මේ වන විට ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලවල් දෙකක් ක්‍රියාත්මක කෙරෙන අතර ප්‍රසම්පාදන ක්‍රමවේදය පාලනයන් තුළ ඉදිරියට ගෙන යාමටත්, එසේ නොවන්නේ නම් හා ලෝක වෙළදපොලේ ඊට පාදක වන පාලනය කළ නොහැකි කරුණු වන්නේ නම්, රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කොට ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.