රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (22 දින) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කොවිඩ් සංචරණ සීමා පැවතීම හා රෝගීන් වාර්තාවීම සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ විට ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා පවසන්නේ ,සුලු අඩුපාඩු පැවතියද මෙම සංචරණ සීමා සමස්තයක් ලෙස ගත් කළ ඉතා හොඳින් ක්‍රියාත්මක වූ බවත්, සංචරණ සීමා දැමීමට පෙර පැවති තත්වයට වඩා හොඳින් රෝගය පාලනය වී ඇති බවත්, එහි ප්‍රතිඵල ඉදිරියේදී දැකිය හැකි බවත්ය.