පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මුහුදු කූඩැල්ලන් වගාව තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා - ධීවර අමාත්‍ය

    ජූනි 23, 2021

    පසුගිය මාස කිහිපයතුළ උතුරු පළාතම ආවරණය වන පරිදි ආරම්භ කළ මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතිය හරහා ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට කටයුතු කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ කිලිනොච්චියේ ඉරණමාතා ගම්මානයේ පසුගිය මාර්තු මාසයේ ආරම්භ කළ මුහුදු කූඩැල්ලන් අපනයන ව්‍යපෘතියේ ප්‍රගතිය පිළිබදව සොයා බැලීම සදහා 20
    දින සිදුකළ සංචාරයෙන් අනතුරුවයි.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, ධීවරයන් මහා සාගරයට ගොස් නෙලාගන්නා මත්ස්‍ය සම්පත තුළින් ලබාගන්නා අදායම මෙන් වැඩි අදායමක් ධීවර
    පවුල්වල අනිකුත් සාමාජිකයින්ද සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට අවශ්‍ය වට පිටාවක් නිමාණය කිරිම උදෙසා මෙම මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතිය ආරම්භ කළ බවත්, ඒ තුළින් උපරිම ප්‍රයෝජන ගෙන තම පවුලේ ආර්ථිකය නගා සිටුවීම සදහා කටයුතු කිරීම තම තමන්ගේ යුතුකම වන බව පැවසීය.

    තවද මෙම ව්‍යාපෘති රටපුරා දියත්කර ධීවර කර්මාන්තය තුළින් දෛනික ආර්ථිකයට ලබා දියහැකි උපරිම දායකත්වය ලබා දීමට තම අමාත්‍යාංශය මෙහෙය වන බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya