වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව පාසල් විවෘත කිරීමේ දින වකවානු තීරණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම තත්වය ශ්‍රී ලංකාවට පමණක් විශේෂවූ තත්වයක් නොවන බවත් ලෝකයේ බොහෝ රටවල්ද මේ ප්‍රශ්නයට විසඳුම් සොයමින් සිටින පෙන්වා දුන් අමාත්‍යවරයා මාර්ගගත දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද ක්‍රියාත්මක කරන බවත් "ගුරුගෙදර"ඊ තක්සලාව වැනි වැඩසටහන් මේ සඳහා දැනටමත් යොදා ගන්නා බවද ප්‍රකාශ කළේය.
මේ මාධ්‍ය ප්‍රයෝජනයට ගත නොහැකි දරුවන් පිරිසක්ද සිටින බවත් ඒ ගැටළුවටද ප්‍රායෝගික විසඳුම් ලබාදීමට වෙහෙසෙමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.