පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    කුලියාපිටිය රෝහලට රු. මිලියන 2.5ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

    ජූනි 24, 2021

    නිව් සවුත්වේල්ස්හි ශ්‍රී ලංකා කතෝලික සංගමය කුලියාපිටිය රෝහලට රු. මිලියන 2.5ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

    ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධන සටනට සහාය දීම සදහා ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස්හි ශ්‍රී ලංකා කතෝලික සංගමය රුපියල් මිලියන 2.5ක් වටිනා නවීනතම ට්‍රාන්ස්පෝර්ට් වෙන්ටිලේටර් යන්ත්‍රයක් කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් එම රෝහලේදී සිදුවිය.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යතුමිය සදහන් කර සිටියේ මෙවැනි පරිත්‍යාගයක් සිදුකිරීම සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් තමන් ස්තුතිවන්ත වන බවත් විශාල දානපතීන් ප්‍රමාණයක් මේවන විට ලගම තිබෙන රෝහල වෙත පැමිණ කොවිඩ් රෝගයෙන් රටේ ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග සිදුකර ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කළේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩල මනා කැපවීමෙන් සිය කාර්යන් ඉටුකරන අතර දහසක් වැඩකටයුතු කරද්දී එකක් දෙකක් වැරදීම් සිදුවිය හැකි බවත් එබැවින් ඔවුන් කරනා හොද දේ ඇගයීමටත් ඒ සදහා ප්‍රසිද්ධියක් ලබාදීමටත් කටයුතු කළ යුතු බවයි.

    මෙම අවස්ථාවට කුරුණෑගල රදගුරු අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමා සමග වයඹ පළාත් හිටපු ප්‍රවාහන අමාත්‍ය උපාලි පියසෝම, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත, වෛද්‍ය ශිවන්ත ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය සත්කුමාර යන මහත්වරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya