මිනිසුන් ගේ ජීවිත හා ජීවනෝපාය යන දෙකම රැක ගැනීම මෙම අවස්ථාවේ අසීරු කාර්යයක් බවත් ඒ සඳහා රජය විපක්ෂයේ සහාය ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වත්මන් රජය බාර ගත්තේ අගාධයට ඇද දමා තිබූ ආර්ථිකයක් බව පැවසූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රජයට අද සියල්ල කිරීමට සිදුවී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන හතක් සමග යැයි ද ප්‍රකාශ කළේය.
කොවිඩ් පාලනයට අමතර මුදල් අවශ්‍යවී ඇති බවත් සියලු කටයුතු කරද්දී ජනතාවට ණය සහන ලබාදී ඇති බවත් ඔහු පැවසුවේය.
රජය ලබා දුන් සහණ සඳහා රජය බැංකුවලට රුපියල් කෝටි තුන්ලක්ෂ හතළිස් එක් දහසක් ලබා දී ඇතැයි පැවසූ කබ්රාල් මහතා රට ආර්ථිකමය පැත්තෙන් වර්ධනය වී ඇත්තේ ඒ සහන නිසා බවද සඳහන් කළේය.
සෞභාග්‍යා ණය යටතේ ජනතාවට බිලියන මිලියන 160 ක් ලබා දී ඇතැයිද ඔහු පැවසුවේය. දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වූ යෝජනාව පිළිබඳ විවාදයට ඒක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ පාලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.