වාරි සෞභාග්‍යයා වැව් අමුණු හා වාරි කෘෂි ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ඉහළ ජල ධාරිතාවයක් සහිත මහ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව නියමු ව්‍යාපෘතියක් ලෙස තිස්ස වැව ප්‍රතිසංස්කරණය රාජ්‍ය මුදල් සැපයීමකින් තොරව සිදුකරයි.
පෞද්ගලික අංශයේ දායකත්වය සහිතව වැවේ පිරී ඇති රොන්මඩ,වැලි සහ විවිධ අපද්‍රව්‍ය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහ පාරිසරික නිර්දේශයන්ට යටත්ව ඉවත් කොට වැවේ ජල රැඳවුම් ධාරිතාවය ඉහළ නැංවීම මෙම නියමු ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.
ක්‍රි.ව. තුන්වැනි ශතවර්ෂයේ දී රුහුණු රාජධානියේ රාජ්‍ය පාලනය ගෙන ගිය මහනාග රජතුමා විසින් තිස්සමහාරාම නගරයේ පානීය, ගෘහස්ථ සහ වාරි ජල අවශ්‍යතා වෙනුවෙන් ඉදිකළ වැවක් සේ සැලකෙන තිස්ස වැව අවසන් වරට පූර්ණ ප්රතිසංස්කරණයකට ලක්ව තිබෙන්නේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වර්ෂ 1871 දීය. ඒ අනුව තිස්ස වැව යළි පූර්ණ ප්රතිසංස්කරණයකට රජයක් විසින් භාජනය කරන්නේ වසර 150 කට පසුවය.
තිස්ස වැව තිස්සමහාරාමය ඇතුළු රුහුණු මාගම්පත්තුවේ ප්‍රෞඩත්වය සහ සශ්‍රීකත්වය විදහා දැක්වෙන ප්රමුඛ ඓතිහාසික වැවකි.