පසුගිය අප්‍රේල් 24 වන දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පසුගිය ජූනි 08 වන දින සභාගත කරන ලද 1994 අංක 22 දරන වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය (සංශෝධන) පනත් කෙටුම්පත සදහා මෙලෙස කාරක සභාවේ එකඟත්වය හිමිවිය.
පවතින කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව රජයේ නිලධාරීන් රැස්වීම සඳහා මාර්ගගත ක්‍රමයට (Online) සම්බන්ධ කර ගැනීම සිදුවිය. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.