පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    කලාපීය පොදු කාරණාවලදී සහයෝගයෙන් කටයුතු කීරිමට ඉන්දියාව හා ශ්‍රී ලංකාව එකඟ වෙයි

    ජූනි 26, 2021

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබදතා ඉහළ නංවා ගැනීමට මේ දක්වා දෙරට අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග ඵලදායි වී ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දිය විදේශ අමාත්‍යවරයා සමඟ පසුගිය(21) පැවැති දුරකථන සංවාදයක දී සඳහන් කළේය.

    ඉන්දියාව මෙරටට ලබා දී ඇති මූල්‍ය ආධාර හා කොවිඩ් මර්ධන සහනාධාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව පිරිනමන බවද ගුණවර්ධන මහතා ඉන්දිය විදේශ අමාත්‍යවරයාට දන්වා සිටියේය.

    බිම්ස්ටෙක්, අයෝරා වැනි කලාපීය සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කීරිමටද මෙම සාකච්ඡාවේදී දෙරටේ අමාත්‍යවරු එකඟතාව පල කර තිබේ.විශේෂයෙන් කොළඹ ක්‍රමය වැනි පොදු කාරණා වලදී දෙපාර්ශවයම සහයෝගයෙන් කටයුතු කල යුතු බවද මෙහිදී අදහස් හුවමාරු කර ගෙන ඇත.

    දෙරට මුහුණ දී සිටින කොවිඩ් අවධානම පිළිබඳව අමාත්‍යවරු දෙපල දීර්ඝව සාකච්ඡා කල අතර මේ වන විට ඉන්දියාව මුහුණ දී ඇති තත්වය කඩිනමින් යථා තත්වයට පත් කර ගැනීමට සියලු ශක්තීන් ලැබේවායි ද ගුණවර්ධන මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ සඳහන් කළේය.පැය භාගයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී දෙරටට වැදගත් කාරණා කීපයක්ද සාකච්ඡා කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya