විදේශයන් හි පවත්නා විවිධ වෘත්තීන් 25ක ඉල්ලුමට සරිලන පරිදි මෙරට තරුණ තරුණියන් ලක්ෂයක්(100,000) ඉහළ වෘත්තීක නිපුණතාවයන් සහිතව එම රැකියා සඳහා සූදානම් කිරීමේ ජාතික වැඩසටහනක් ඇරඹේ.
කම්කරු අමාත්‍යංශය සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් (25) කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පැවැත් වුණි.
සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධාන ප්‍රධානී සරත් ධාෂ් මහතා ඇතුළු එම සංවිධානයේ නියෝජිත පිරිසක් සමඟ පැවති මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ , විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.අරුමෛනාහම් ඇතුළු නිලධාරි පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
මෙහිදී අදහස් දැක්වූ IOM සංක්‍රමණ අංශ ප්‍රධානී ශාන්ත කුලසේකර මහතා පෙන්වා දුන්නේ ඉහළ නිපුනතාවයෙන් යුක්ත ගෘහ පාලිකාවක් හතළිස් දහසක් (40,000) සහ වෙනත් වෘත්තීන් සඳහා 60,000ක පමණ පිරිසකට විදේශ රටවල මේ වනවිට ඉල්ලුමක් ඇති බවය.එහිදී වෘත්තීය නිපුණතාවය පළපුරුද්ද සේම ඒ රටවල භාෂා දැනුම එම පිරිස් වලට අත්‍යවශ්‍ය සාධකයක් බවය.මෙම වැඩසටහන වසර හතරක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිතය.එම පුහුණුව නොමිලේ ලබාදීමට සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) මෙහිදී එකඟතාවය පළ කළේය.