රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා මෙම ට්‍රොලි 10 මළකඩ නොකන වානේ (Stainless Steel) වලින් නිමවා ඇති අතර දිගුකාලයක් භාවිතා කිරීමට හැකිවන පරිදි නිමවා ඇත. හදිසි අවස්ථාවකදී රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට කුඩා ඔක්සිජන් ටැංකියක් රදවා තැබිය හැකි ආකාරයෙන්ද මෙය නිමවා ඇත.
ඉන් අනතුරුව අමාත්‍යවරිය විසින් මීගමුව රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන ආකාරය නිරීක්ෂණයට එක්වූ අතර පැය 24 පුරා ක්‍රියාත්මක කෙරෙන CCTV පද්ධතියක් මගින් රෝගීන් නිරීක්ෂණය කෙරෙන ආකාරය පිළිබදව අමාත්‍යවරියගේ පැසසුමට ලක්විය.
මෙම අවස්ථාවට මීගමුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිර්මලා ලෝගනාදන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක, වෛද්‍ය විජේලත් යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්විය.