ඒ මහතා මේ බව කියා සිටියේ අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, ලංකාවේ දැනට අත්‍යවශ්‍ය අහාර සංචිතයක් පවතින්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.
මේ වන විට මාස තුනක් සඳහා තිබිය යුතු සංචිත ප්‍රමාණය දැනට තිබෙන නමුත් ලෝකය තුළ තිබෙන පීඩනයත් සමඟ එය පවත්වාගෙන යාම අභියෝගයක් වන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේය. එමෙන්ම, ලෝකයේම පවත්නා තත්ත්වය තුළ ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ග ගණනාවක් ඇහිරී තිබෙන බවත්, ආහාර සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.
දැනට තිබෙන සංචිත වල බිලියන 4.5 ක ප්‍රමාණයක් තිබෙන නමුත්, රතු තත්ත්වයක් තවමත් පැන නැඟී නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කරන ලදුව, එහෙත් එම ඇතිවිය හැකි අවදානම කිසිසේත්ම බැහැර කර නොමැති බවත්, එවැනි තත්ත්වයකට පත් නොවීම සඳහා රජය විසින් මෙම අභියෝගය භාර ගෙන ඊට අවශ්‍ය වැඩපිළිවෙලවල මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතීන බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.