අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය සිදු කරමින් MV -X Press Pearl නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් සිදු ව ඇති හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සවිස්තරාත්මක විස්තරයක් සිදු කළ අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ,මේ සඳහා ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහාය අපේක්ෂා කරන බවයි.
නෞකාවේ ඇති වු ගින්නෙන් ධීවර ප්‍රජාවට සිදු වු හානිය හේතුවෙන් ධීවර ප්‍රජාවගේ ජීවන තත්වය නැවත යථා තත්වයට පත් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් මත කඩිනමින් ක්‍රියාකරමින් සිටින බවත් කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන වශයෙන් සිදු වු හානිය නිවැරදි ආකාරයෙන් තක්සේරු කර ගැනීම හා සමස්ත පරිසර පද්ධතිය යථා තත්වයට පත් කර ගැනීමට ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීම මෙම හමුවේ අරමුණ වු අතර සමුද්‍රිය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයක් මෙරට ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දෙන ලදී.
වරාය අධිකාරියේ සභාපති කැප්ටන් නිහාල් කැප්පෙට්ටිපොල මහතා , වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් වු නීතිමය තත්වය සොයා බැලීම සදහා පිහිට වු කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා , MV -X Press Pearl නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් සිදු ව ඇති හානිය පිළිබදව සොයා බැලීම සදහා මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ කමිටුවේ ප්‍රධානී හසන් මහතා , සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා , වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් යු.ඩී.සී.ජයලාල් මහතා මෙහිදී අදහස් දැක්වීය.