උපකුලපතිවරුන් විසින් මෙම ඉල්ලීම කරනු ලැබූයේ, පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ විශ්වවිද්‍යාලවල මාර්ගගත ක්‍රමය යටතේ සිදුකරන අධ්‍යයන කටයුතුවල ප්‍රගතිය සහ අනෙකුත් පරිපාලනමය කටයුතු පිළිබඳවත් ඒ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දී ය.
ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු පිළිබඳවත්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විභාග කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කළයුතු ආකාරය පිළිබඳවත්, මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ බස්නාහිර පලාතේ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු සහභාගී වූ අතර අනෙක් පලාත්වල විශ්වවිද්‍යාල උපකුලපතිවරු මෙම සාකච්ඡාවට මාර්ගගත ක්‍රමය හරහා ද සම්බන්ධ විය.