‘’සාමය යුක්තිය හා ශක්තිමත් ආයතන’’ යන සංකල්පයේදී තිරසර සංවර්ධන නිර්ණායකයන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අධිකරණ ක්ෂේත්‍රයට අදාළ ඉදිරි වැඩ සටහන් සම්පාදනය කිරීම, ඒ සඳහා යාන්ත්‍රණයක් සැකසීම හා සම්බන්ධිකරණය කිරීම, තිරසර සංවර්ධනය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීමටත් අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම හා පවතින නීති සංශෝධනය කිරීමට අදාළ කටයුතු සිදු කිරීමේ ආරම්භයක් ලබා ගැනීමටත් මෙහිදී තීරණය කෙරණි.
මෙම අවස්ථාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා , තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂක ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් සහභාගි විය.