ජනාධිපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ මගපෙන්වීම මත දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනූව මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ජුනි 22 වන දින සිට 28 වන දින දක්වා පුරා දින 07ක් පස්වරු 07.11 සිට මෙම පිරිත් සජ්ජායනය සිදුකෙරුණු අතර, දිවයිනේ අට දිශාව ආවරණය වන පරිදි කැළණිය රජමහා විහාරය, කලුතර පලාතොට ගංගාරාම රජමහා විහාරය, මාතර දෙවිනුවර විහාරය, මොනරාගල හදපානාගල කන බිසවාරාම විහාරය, පොලොන්නරුව සෝමාවතී රජමහා විහාරය, සේරුවාවිල රජමහා විහාරය, යාපනය ශ්‍රී නාග විහාරය, මන්නාරම මාතොට රජමහා විහාරය යන විහාරස්ථාන වලදී අබ තෙල්, පොල් තෙල්, එළගි තෙල්, තල තෙල් මිශ්‍ර පහන් 108ක් දල්වා මෙම රතන සූත්‍ර සජ්ජායනය පවත්වන ලදී.
එම සුවධරණී අට දිශා රතන සූත්‍ර සජ්ජායනය කිරීමේ පිංකම් මාලාව අවසන් වීමෙන් අනතුරුව අදහස් ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා,
ඉතාම සාර්ථක අන්දමින් මෙම සුවධරණී අට දිශා රතන සූත්‍ර සජ්ජායනය කිරීමේ පිංකම් මාලාව අවසන් කිරීමට අපට හැකි වුණා. ඒ වගේම විශාල ආශිර්වාදයක් මේ විශ්වයට එක්කළා. මේ කොරෝනා විශබීජය පියවි ඇසට නොපෙනෙනවා සේම, මේ විශ්වයේ නොපෙනෙන ශක්තීන් තවත් පවතිනවා. එදා විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේ රතන සූත්‍ර සජ්ජායනය කිරීමෙන් තුන්බිය දුරු කළා සේම එවැනිම ආශිර්වාදයක් ලබාගැනීමේ අරමුණෙන් ලංකාවේ අට දිශාවම ආවරණය වන පරිදි රතන සූත්‍ර සජ්ජායනය පවත්වා මේ විශ්වයට යහපතක් වේවායි, සුවපත් වේවායි යන ප්‍රාර්ථනය අප සිදු කළා. එමෙන්ම දේශීය වෙදකමෙන් මේ ලෝකය සුවපත් කිරීමට අපට තව තවත් ශක්තිය ලැබේවායි යන ප්‍රාර්ථනයද සිදුකරනු ලැබුවා යැයි ප්‍රකාශ කර සිටියේය.