පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ළමා ශ්‍රමය අපේ රටේ සම්පූර්ණයෙන්ම පිටුදැකීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් සැකසිය යුතුයි - කම්කරු අමාත්‍ය

    ජූලි 02, 2021

    ළමයින් ආදායම් උත්පාදන මාර්ග ලෙස යොදා ගැනීම සහ  ළමා ශ්‍රමය අපේ රටේ සම්පූර්ණයෙන්ම පිටුදැකීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් සැකසීම සඳහා සියලු අදාල ආයතන ඒකරාශී විය යුතු බව අමාත්‍යවරයා  ප්‍රකාශ කළේ, (30) කම්කරු අමාත්‍යංශයේ පැවති අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

    ළමා ශ්‍රමයට හේතුව දෙමාපියන්ගේ දුප්පත්කම ලෙස සමහරු අර්ථ නිරූපණය කළත්, සමහර දෙමව්පියන් බාල වයස්කාර දරුවන් රැකියාවෙහි යෙදවීම, මුදල් ඉපයීමට යොදා ගැනීම නීති විරෝධී වේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දෙමව්පියන් ඒ අතරින් විශේෂ වේ. මහමඟ දී වුව ද එවැනි දරුවන් සිටිති. එලෙස ළමයි යොදාගෙන දෙමාපියන්ට වුව ද, මුදල් උපයාගැනීම සම්පූර්ණයෙන්ම  නතර කිරීමට නීති ගෙන එන බව එහි දී කම්කරු අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    මෙහි දී තව දුරටත් අදහස් දැක් වූ කම්කරු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය 2021 වසර ළමා ශ්‍රමය පිටුදැකීමේ වර්ෂය ලෙස නම් කොට තිබේ. ශ්‍රී ලංකාව ද එම සම්මුතීන් අනුමත කර ඇති නිසා ඒ ඒ ඉලක්කය ශ්‍රී ලංකාවේ ජය ගැනීමට කටයුතු කිරීම වත්මන් රජයේ අරමුණ වන බවත්, කෝවිඩ් වසංගතය නිසා පසුගිය කාලයේ ළමයින් ශ්‍රමිකයන් ලෙස විවිධ වෘත්තීන් හි යොදා ගැනීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව වාර්තා වී තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

    ළමා ශ්‍රමය  යොදා ගැනීම මෙන්ම ළමයින් යොදාගෙන මුදල් ඉපයීමේ ජාවාරම් ද වැළැක්වීම සඳහා ළමා හා කම්කරු නීති අණපනත් වෙනස් කළ යුතු වන අතරම විශේෂයෙන් කාන්තා, තරුණ හා ළමා රැකියා පනත යටතේ ඇති අන්තරාකාරි වෘත්තීය රෙගුලාසි සමාලෝචනය කිරීමට ද කාලය එළැඹ ඇතැයි  පැවසූ අමාත්‍යවරයා, ඒ සඳහා කළ යුතු පනත් සංශෝධන පිළිබඳ යෝජනා තමන්ට ලබාදෙන ලෙස මෙම සාකච්ඡාවට පැමිණ සිටි නියෝජිතයන් ගෙන් ඉල්ලා සිටියේය.

    නාගරික වීදි ආසන්නයේ සහ ප්‍රසිද්ධ පුද බිම් ආශ්‍රිතව විවිධ දෑ අලෙවිකරණ ළමයින් බොහෝ ලෙස හමුවන බවත්,  ළමයින් මෙසේ මුදල් ඉපයීමේ කටයුතුවලට යොදා ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට  ගනිමින් ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කළ යුතු බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    මෙම සුළු වෙළදාම් කටයුතු වලට ළමයින්ට ඇබ්බැහි වී ඇති බව ද තොරතුරුවලින් හෙළිදරව් වී ඇති බව ඇමැතිවරයා පැවැසීය. එම නිසා වීදි වල සැරිසරන මෙම ළමුන් පිළිබඳව නිරන්තර වැටලීම් සහ විමර්ශන කළ යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

    මේ වන විට අපේ රටේ ළමා ශ්‍රමය ඉතාමත් අවම මට්ටමක පවතින බවත්, ළමා ශ්‍රමය මේ රටින්  තුරන් කිරීම අපගේ ප්‍රධාන ඉලක්කය යුතු බව අමාත්‍යවරයා පැවසීය. අපේ රටේ ළමා ශ්‍රමය ජනගහනයෙන් සියයට එකක්වත් නැතත් ළමා ශ්‍රමිකයන් ගැන කතා කරන රාජ්‍ය නොවන සංවිධාන තවමත් බොහෝ ඇතැයි ද ඇමතිතුමා  මෙහි දී පෙන්වා දුන්නේය.

    පුද්ගලයෙකු සේවයේ යෙදිය හැකි අවම වයස අවුරුදු 14 සිට 16 ඉහළ නැංවීමට අදාළව ඇමතිවරයා කර පනත් සංශෝධනය මෙහි දි ලෝක කම්කරු සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත සිම්රින් සිංග් මහත්මියගේ පැසසුමට ලක් විය.

    එසේම ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදා ගන්නා පවුල්වල දෙමාපියන් හෝ රැකවල්කරුවන් සඳහා සමෘද්ධි  ව්‍යාපාරය මැදිහත්ව ඔවුන් ආර්ථික වශයෙන් ගොඩ ගැනීම කළ යුතු බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එසේම සමෘද්ධි  වැඩ සටහන මේ සඳහා පූර්ණ වශයෙන් යොදාගෙන මෙම ළමා ශ්‍රමිකයන් පිළිබඳ  සමීක්ෂණය කළ යුතු බවත්, සමෘද්ධි  ප්‍රතිලාභ ලබාදීමේ දී එම පවුල්වල දරුවන් ළමා ශ්‍රමිකයන් ලෙස යොදා ගන්නේ ද යන්න සොයා බලා ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ළමා ශ්‍රමය පිළිබඳ හැමදාමත් සමීක්ෂණ කරමින් සිටීම ප්‍රයෝජනයක් නැති බවත්, එම දරුවන්  ඉන් ගලවා ගැනීම
    සඳහා වන පුළුල් ජාතික වැඩසටහනක් සකස් කළ යුතුව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජාත්‍යන්තර කම්කරු  සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, සමෘද්ධි අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව, පරිවාස  ළමා රක්ෂක දෙපාර්තමේන්තුව, ළමාරක්ෂක අධිකාරිය, ජන හා සංඛ්‍යාලේඛන
    දෙපාර්තමේන්තුව යන අය ආයතන වල නියෝජිතයන්  මෙම සාකච්ඡාවට එක් වූ අතර සියලු රාජ්‍ය ආයතන එක්ව මෙම ජාතික ඉලක්කය ජය ගැනීම සඳහා කටයුතු කළ යුතු බව මෙහි දී අදහස් ප්‍රකාශ විය.

    මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් මාපා  පතිරණ, කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ලෝක කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය සිම්රින් සිංග් මෙනවිය, ළමා ආරක්ෂක අධිකාරිය සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya