රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (02දින ) පැවති ‘ආර්ථිකය වැටෙයිද ? : GSP+ අහිමි වේද?’ යන සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රට විවෘත නොකර තැබීම තුළ දහස් ගණනකට ජීවනෝපාය නැතිවී යනු ඇති බවත්, කෙසේ හෝ ජීවනෝපාය අහිමි වූ පිරිසගේ ජීවනෝපාය මාර්ග ස්ථාපිත කරගැනීමට හැකිවුවහොත් නැවත ආර්ථිකයේ වර්ධන මාර්ගයට රට යොමු කළ හැකි බවත්, අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
ආයතන වසා දැමීම නිසාම රජයට ලැබිය යුතු බදු මුදල් වැනි රාජ්‍ය ඉපැයීම් ක්‍රමවත්ව සිදු කරගැනීමට නොහැකි වන බවත්, එම ආයතන වසා දැමීම නිසා ආයතනික වශයෙන්ද රැකියා අහිමිවීම මෙන්ම වේතන ගෙවීමේ අපහසුතා වැනි දේද පැන නගින් බවත්, එම නිසා ආයතන වසා නොදමා ක්‍රමවත්ව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳවත් අමාත්‍යවරයා කරුණු දැක්වීය.
සංචාරක කර්මාන්තය නැවත යථා තත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ සංචාරක කර්මාන්තය නැවත පෙර පැවති තත්වයට ගැනීමට නම් පළමුවෙන්ම රට විවෘතව තිබිය යුතු බවත්, සංචාරක ක්ෂේත්‍රයට තමන්ගේ කටයුතු කිරීමට නිදහස ලබා දිය යුතු බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසීය.
එන්නත් කිරීමේ වැඩසටහන් ඉක්මනින් කළ යුතු බවත්, ගුවන් තොටුපොළ විවෘත කර සංචාරකයන් සඳහා විවෘත කර සෞඛ්‍ය අංශයෙන් කළයුතු ක්‍රියාමාර්ග නිසි ලෙස පිළිපදිමින් සංචාරයට අවස්ථාව සළසා දිය යුතු බවත්, ඒ අනුව සංචාරක කර්මාන්තයට සාමාන්‍ය තත්වයට යාමට ඉඩ දිය යුතු බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.