නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයත්, එම අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම සහ ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයත් එක්ව මෙම වසර තුළ ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිත විදෙස් ආයෝජන ප‍්‍රමාණය ඉහළ නංවා ගැනීමේ ක‍්‍රමෝපායික සැලසුමක් සකස් කරයි.
එම සැලසුමට අනුව, දැනටමත් ශ‍්‍රී ලංකාවට ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 03 ක විදෙස් ආයෝජන ප‍්‍රමාණය, ඇමෙරිකානු ඩොලර් බිලියන 05 දක්වා වැඩිකර ගැනීමට නියමිතයි.
සංවර්ධන ව්‍යාපෘති 42 ක් හරහා ශ‍්‍රී ලංකාවට ලබා ගැනීමට අපේක්ෂිත මෙම ඇමෙරිකානු ඩොලර් බිලියන 05 ක විදෙස් ආයෝජන සැලසුම දැනටමත් සකස් කර අවසන් කර තිබේ. ඒ පිළිබඳව වන අවසන් ඇගයීමේ අධ්‍යනය මෙම දිනවල සිදු කෙරෙමින් පවතී. මෙම අවසන් ඇගයීම ඉදිරි දෙමස තුළ අවසන් කර, ආයෝජන කමිටුවට භාර දීමට නියමිතව තිබේ.
ලංකාව තුළ මේ වන විට දේශිය සහ විදේශීය ආයෝජන රැුසක් ඉතා කඩිනමින්, සාර්ථකව දියත් කෙරෙමින් පවතී. මෙම තත්වය මෙරටට විදේශ ආයෝජන වැඩි වශයෙන් ලබා ගැනීමටත්, ආයෝජකයන් ශ‍්‍රී ලංකාවට නැඹුරු කර ගැනීමටත් මහත් පහසුවක්ව තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
දැනටමත් ක‍්‍රියාත්මක කෙරෙන ආයෝජන සංවර්ධන ව්‍යාපෘති සියල්ල අදියර තුනකින් නිරන්තරවම විමසීමකට ලක් කෙරෙමින් පවතී. ඒ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කීරීමට පෙර සිදු කරන පූර්ණ පරීක්ෂාව, ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරමින් තිබෙන විට සිදු කරන පූර්ණ පරීක්ෂාව සහ ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු සිදු කරන පූර්ණ පරීක්ෂාවයි. මෙම තත්වය ආයෝජකයන්ට මහත් පහසුවක් ගෙන දී තිබෙන බව ආයෝජකයන්ගේ පිළිගැනීම වී තිබේ. එසේ ම මෙම ක‍්‍රියාවලිය තුළ ආයෝජකයන් වඩාත් සුරක්ෂිත සහ ඉහළ පිළිගැනීමකට ලක් වී තිබේ.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප‍්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 28 වන දින බත්තරමුල්ල, සුහුරුපායේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ‍්‍රවනාගාරයේ පැවති අමාත්‍යාංශයට අයත් ආයතන කිහිපයක ප‍්‍රගති සමාලෝචන රැුස්වීමක දී මෙම තොරතුරු අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා අදාළ නිලධාරීන්ට අවධාරණය කර සිටියේ සංවර්ධන ව්‍යාපෘතී නිසි ඉලක්කයකට සිදු කිරීමට අනිවාර්යෙන් ම ක‍්‍රියා කළ යුතු බවයි. එම සාකාවේ දී අදහස් දැක්වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ මෙම ආයෝජන ව්‍යාපෘති එළඹෙන දෙසැම්බර් 31 වන දිනට ප‍්‍රථමයෙන් නිම කරන ලෙසයි.
”ව්‍යාපෘති සමාලෝචනය කිරීමේ දී සලකා බැලෙන මූලික ම කරුණ වන්නේ අපි පරමාර්ථ කරගත් කරුණු ඉටු වී තිබේ ද යන කරුණයි. ඒ අනුව අද අපි ඉතාමත් සාර්ථක තැනකයි සිටින්නේ. කඩිනමින් විදෙස් ආයෝජන ලංකාවට ලැබීමත්, විදෙස් ආයෝජකයන් ලංකාවට නැඹුරුවීමේ ප‍්‍රවණතාවය වැඩිවීමත් එයට හේතුවක් බව කිව යුතුයි. අපේ අමාත්‍යාංශයේ අමාත්‍යතුමා, ගරු අග‍්‍රාමාත්‍යතුමා මට උපදෙස් ලබා දුන්නේ ආයෝජන කමිටුව සමඟ සාකච්ඡුා කර ඇමෙරිකානු ඩොලර් බිලියන 03, ඇමෙරිකානු ඩොලර් බිලියන 05 දක්වා වැඩිකර ගැනීමට ක‍්‍රමෝපායික සැලසුම් සකස් කරන ලෙසටයි. ඒ අනුව සකස් කළ ක‍්‍රමෝපායික සැලසුම් හරහා අද අපට පුළුවන් වෙලා තියෙනවා ඇමෙරිකානු ඩොලර් බිලියන 05 ක ආයෝජන ලබා ගැනී මේ සැලසුම් සකස් කිරීමටයි. එම තත්වය ඉතාමත් සතුටුදායක වගේ ම දෙගුණයකට ආසන්නව ආයෝජනවල ඉහළ යාමක්.”යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේය.
අපේ අරමුණ වනුයේ 2024 වන විට කොළඹ තියෙන සියලූ පැල්පත්වාසී නිවාසවල ජීවත්වන ජනතාවට නිවාස ලබා දීම බව නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී. ප‍්‍රියශාන්ත මහතා සඳහන් කළේය.
”ගෙවල් සෑදීම කියන කාරණය අවස්ථා 03 කට ගත්තොත් අපි ගෙවල් 32,150 කට පමණ තලයකට ගිහිල්ලා තියෙනවා. ඒ යටතට ගෙවල් 18,740 ක් අලූතෙන් හදන්න පටන් ගන්න සැලසුමත්, දැනටමත් ක‍්‍රියාත්මක කරමින් සහ ආරම්භ කිරීමට නියමිත ගෙවල් 17,083 ක සැලසුමත් ඇතුළත්. එමෙන් ම ආසියානු යටිතල පහසුකම් බැංකුව (AIB) යටතේ ගෙවල් 5,000 ක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයේ (PPP) ආකෘතියෙන් ගෙවල් 12,000 ක් හදන්නත් තමයි අපේ ඉලක්කය. මේ කාරණය හින්දා ගෙවල් සෑදීමේ සංවර්ධන ව්‍යාපෘති බාධාවකින් තොරව සිදුකෙරමින් පවතිනවා.”යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී. ප‍්‍රියශාන්ත මහතා ප‍්‍රකාශ කළේය.
නාගරික සංවර්ධන හා නිවාස ආමත්‍ය, ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ උපදෙස් මත නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම ප‍්‍රගති සමාලෝචන සාකච්ඡුාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප‍්‍රසාද් රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී. ප‍්‍රියශාන්ත මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.