පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    මෙරට කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමට නම්, තාක්ෂණය මත පදනම් වූ කෘෂිකර්මාන්තය වෙත ළඟා වීම අත්‍යාවශ්‍යයි 

    ජූලි 02, 2021

    කාබනික පොහොර සඳහා යොමු වීමේ අභියෝගාත්මක තීරණයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති බවත් මෙරට කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමට නම්, තාක්ෂණය මත පදනම් වූ කෘෂිකර්මාන්තය වෙත ළඟා වීම අත්‍යවශ්‍ය බව තිරසාර කෘෂි කාර්ය බලකායේ සභාපති ඉංජිනේරු අරෝෂන් වික්‍රමනායක මහතා පවසයි.

    තිරසාර කෘෂි කර්මාන්තයක් උදෙසා දේශීය යන්ත්‍රෝපකරණ ප්‍රවර්ධනය සඳහා Asidisi Development Discussion නමින් අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ කාර්ය සාධක බලකායේ යාන්ත්‍රික ඉංජිනේරු අනුරාධ විජේතුංග මහතා පැවසුවේ, පසු අස්වනු හානිය අවම කරමින් දින කිහිපයක් තුළ එළවළු සහ පළතුරු ඉතා ඉක්මනින් පාරිභෝගිකයා වෙත ලගා කරවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි.

    සාම්ප්‍රදායික භාවිතයෙන් මිදී තාක්ෂණය පදනම් කර ගත් කෘෂිකර්මාන්තය වෙත යොමු වීම අද අත්‍යාවශ්‍ය කරුණක් බවත් නව තාක්ෂණය කරා යොමු වීම තුළින් කෘෂිකර්මාන්තයේ පවත්නා අභියෝගයන්ට මුහුණ දිය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මීට වසර 20කට පමණ පෙර වී අස්වනු නෙලීමට යන්ත්‍ර භාවිතා නොකළ අතර අද වන විට 90%ක් පමණ දෙනා ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතාකරයි.එහෙත් පැළ සිටුවීම වැනි ක්‍රියා සඳහා යන්ත්‍ර උපකරණ භාවිතය සඳහා මෙරට ගොවි ජනයා යොමු වී නොමැත. අතින් වී වැපිරීම පහසු වුවද මෙම යන්ත්‍ර මගින් පැළ සිටුවීම තුළින් අස්වැන්න 10% 15% වැඩිවීමක් සිදු වන බවත් වල්නාශක භාවිතා නොකිරීම තුළ යන්ත්‍ර භාවිතයට ගොවි ජනතාවට යොමු විය යුතු බවත් පවසයි.

    මෙවැනි යන්ත්‍ර නිෂ්පාදනය කිරිම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමු කර ඇතැයිද , අර්ධ ස්වයංක්‍රිය යන්ත්‍ර නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කර ඇතැයිද කීය.

    මෙම යන්ත්‍ර ප්‍රවර්ධනය සඳහා රජයේ අවධානය යොමු වී ඇති බවත් මෙරටට අවශ්‍යඅභියෝගාත්මක තීරණයක් ජනාධිපති ගෙන ඇති බවත් මෙම ක්‍රියාවලිය ඉදිරියට යන විට ඇති වන අතරමැදි හිදැස් පිරවීමේ කාර්ය සඳහා මෙම කාර්යසාධක බලකාය කටයුතු කරන බවද කීය.

    කාබනික විප්ලයට වගේම මෙරට කෘෂිකර්මාන්තය , කාර්මික විප්ලවයකටත් යා යුතු බවත් , ගම් මට්ටම කරා විහිදුණු යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන පද්ධතියක් මේ සඳහා අවශ්‍ය වනබවත් කීය.

    රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ,ගොවියන්ගෙන් පැමිණෙන මෙම විරෝධය සාමාන්‍ය බවත් ඊට වසඳුමක් ලෙස මෙම කාර්ය සාධක බලකාය හරහා වල් මර්ධනය සඳහා යන්ත්‍ර සූත්‍ර, පැළ සිටුවීමේ යන්ත්‍ර නිර්මාණයකිරීමේ කාර්යය ආරම්භ කර ඇතැයිද ඒ මහතා කීය. මේ සඳහා ඉතා සරළ සහ ලංකාව පුරා විසඳුම් ලබා දීමට සූදානම් බවද කීය. වල් මර්ධනය කිරීම තුළින් නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම මෙම යන්ත්‍ර රුපියල් 25,000/-ක් පමණ දරාගත හැකි මිල ගණනකට ලබා දෙන බවත් ඒ මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya