පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    මාතරට VTA හෝටල් පාසලක්

    ජූලි 03, 2021

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නවතම ව්‍යාපෘතියක් ලෙස ගොඩ නැගෙන දෙනියාය හෝටල් පාසලේ ඉදිරි කටයුතු සම්බන්ධව මූලික සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා සමග ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි එරංග බස්නායක මහතා හා උප සභාපති මහේෂ් ආරියරත්න මහතා අතර 30 වන දින VTA ප්‍රධාන කාර්යාලයේ දි පැවැත්විණි.

    එහිදි දෙනියාය ප්‍රදේශයේ හෝටල් පාසලක් ඉදි කිරීමේ කාලීන අවශ්‍යතාවය පැහැදිලි කිරීමත්, ඉදිකිරීමේ භූමියෙහි අයිතිය වෘත්තීය පුහුණු අධිකාරිය වෙත පවරා ගැනීම හා හෝටල් පාසල ඉදිකිරීම තුළින් මාතර දිස්ත්‍රික්කය සදහා ලබා ගත හැකි පහසුකම් ආදී වැදගත් කරුණු ගණනාවක් පිළිබදව විස්තරාත්මක සාකච්ඡාවක් සිදු කළ අතර නිපුණ රණවක මහතා වෙත දෙනියාය හෝටල් පාසල සම්බන්ධව දළ අදහසක් ලබා ගැනීම සදහා එහි සැළැස්ම ඉදිරිපත් කරන ලදි.

    මීට අමතරව මාතර දිස්ත්‍රික්කය තුළ දැනට අවම පහසුකම් යටතේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන කුඩා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන කිහිපයක් වෙනුවට පහසුකම් සහිත ඒකාබද්ධ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන් ගොඩනැගීමේ අවශ්‍යතාවය VTA සභාපතිතුමා විසින් ඉදිරිපත් කළ අතර, අධිකාරියට අවශ්‍ය පරිදි මනා සැළැස්මක් සැළසුම් කොට තමා වෙත ලබාදෙන ලෙසත්, තමාගේ සෘජු මැදිහත් වීමෙන් ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට පූර්ණ දායකත්වය ලබා දෙන බවත් ගරු නිපුණ රණවක මහතා සදහන් කළේය.

    එමෙන්ම මාතර දිස්ත්‍රික්කය තුළ ව්‍යවසායකයන් නිර්මාණය කිරීමේ වැඩසටහන තුළ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් ග්‍රාමීය වශයෙන් සිදු කරන්නට බලාපොරොත්තු වන සංවර්ධන ක්‍රියාදාමයට වෘත්තීය පුහුණු අධිකාරියේ සක්‍රීය දායකත්වය සමගින් තාක්ෂණ සහාය ලබා ගැනීමේ යෝජනාවක් ද ගරු නිපුණ රණවක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

    වෘත්තීය පුහුණු අධිකාරියට දීර්ඝ කාලීනව වැදගත් වන මෙන්ම අප අධිකාරිය තුළින් රාජ්‍ය ආයතනයක් ලෙස මාතර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත විම හා ඒ තුළින් මාතර දිස්ත්‍රික් ජනතාව වෙත ලබා දිය හැකි අවස්ථාවන් සම්බන්ධව වැදගත් කරුණු රාශියක් මෙම සාකච්ඡාව මගින් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya