රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව ප්‍රකාශ කළේ, (ජූලි 02) අරලියගහ මන්දිරයේ පැවති මාර්ග සංවර්ධන ව්‍යාපෘති නවීන තාක්ෂණය ඔස්සේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා;
''ආර්ථිකය ගොඩගන්නනම් රට වහලා තියන්න බැහැ. සෞඛ්‍ය උපදෙස් මත විවෘත කරන්න ඕනේ. ජනතාව දැනුවත් කරන්න ඕනේ මේ සංචාරකයෝ ආවම තමා මිලියන 22 කගේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. ආයෝජන ආවම තමා මිලියන 22 කගේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ කියලා. මේක අපි බය නැතුව කියලා ජනතාව දැනුවත් කරන්න ඕනේ. එහෙම නැතිනම් අපිට මේ රට ගොඩ ගන්න බැහැ. යහපාලන රජයේ වැරදි නිසා අවුරුදු පහක් රට ආපස්සට ගියා. තවත් අවුරුදු දෙකක් කොරෝනා. ඒක අපේ ප්‍රශ්නයක් නෙමේ. යුද්ධය කාලේ අපි වෙනුවෙන් අපි එකතුවුනා වගේ, ආර්ථිකය ගොඩ නගන්න අතිගරු ජනාධිපතිතුමාට හා අග්‍රාමත්‍යතුමාට සහයෝගය දක්වන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ලෝකයේ සියලු දෙනා කොරෝනා වසංගතයට මුහුණ දෙමින් අර්බුද හා ප්‍රශ්න මැද යන ගමනේ දි අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දී තිබෙන්නේ, රටේ ජනතාව වෙනුවෙන් කරන සංවර්ධන ව්‍යාපෘති එක දවසක් හෝ ප්‍රමාද නොකරන ලෙසයි. ඒ නිසා කොරෝනා වසංගතය හමුවේ වුවත් ව්‍යාපෘති ගණනාවක් පසුගිය කාලයේ දි ආරම්භ කළා.
මාලබේ දක්වා කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගය පටන් ගත්තම සමහර අය අහනවා, මේ කොරෝනා වසංගතය හමුවේ මේ මාර්ග හදන්නේ කන්නද කියලා. මාලබේ සිට කොළඹ නගරයට ඇතුළු වෙන්න පැය එක හමාරකට වැඩිය කාලයක් ගත වෙනවා. වාහන තදබදය නිසා ඉන්ධන සඳහා ජනතාවට අධික මුදලක් වැය කිරීමට සිදු වෙනවා. මේ ව්‍යාපෘති ප්‍රමාද වුනාම වෙන්නේ රටේ පරිසරයට හානි සිදු වෙන එකයි. අනිත් පැත්තෙන් අපි ණය ආධාර ගිවිසුම් ගතවුනාම නියමිත කාලයට මේවා අපි ඉටු නොකළොත් අපි රටේ ජනතාවගේ සල්ලි වැඩිපුර ගෙවන්න සිදු වෙනවා. ඒ නිසා තමා අපි දවසක්වත් පරක්කු කරන්නේ නැතිව, මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. අපි මේ ව්‍යාපෘති පටන් අරන් නියමිත වේලාවට අවසන් කරන්නේ මේ රටේ ජනතාවගේ මුදල් ඉතිරි කරන්න.
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනිධිපතිධූරය දැරු 2005 - 2014 කාලය ගත්තාම අපේ රටේ දැවන්ත සංවර්ධනයක් සිදු කළා. 2014 වසරේ අපේ රට භාර දුන්නේ, සියයට 7 ක ආර්ථික වර්ධන වේගයක් එක්ක. මහින්ද රාජපක්ෂ මැතිතුමා රට එතැනට පත් කළා. ඒ රට 2015 සිට 2019 දක්වා ආපස්සට ගියා. පාස්කු ප්‍රහාරය නිසා රට ආපස්සට ගියා. කොරෝනා වසංගතය නිසා ආර්ථිකයට බලපෑම් එල්ල වෙලා. තව තවත් අපට මේ රට ආපස්සට යවන්න බැහැ. සෞඛ්‍ය උපදෙස් පරිදි රට විවෘත කරන්න ඕනේ. රට විවෘත කරන්නේ නැතිව මේ රටේ ආර්ථිකය හදන්න බැහැ. ඒනිසා අපේ ජනතාවට මේක කියන්න ඕනේ.
අපි දැක්කා සංචාරක ව්‍යාපාරය සඳහා රට විවෘත කළාම විශාල චෝදනාවක් ආවා. හැබැයි සංචාරක ව්‍යාපාරයට ආදායම් නැතිව, අයෝජන නැතිව, මේ වගේ ව්‍යාපෘති එන්නේ නැතිව, රට විවෘත නොකර අපේ රුපියල අපිට රැක ගන්න බැහැ. අපි රුපියල රැකගත්තොත් අපේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුලුවන්. එවිට රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. මේ රටේ ජනතාවට විශාල වැඩකොටසක් කරන්න පුලුවන්'' යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා ප්‍රකාශ කළේ ය.