පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    නිරෝධායන රීති කඩ කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් තවදුරටත්- පුද්ගලයින් 47240ක් අත්අඩංගුවට

    ජූලි 04, 2021

    කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන මෙහෙයුම්වලට අදාළව පසුගිය ඔක්තෝබර් මස 30 දින සිට මේ දක්වා පුද්ගලයින් 47240ක් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (04) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

    ගත වූ පැය 24 ඇතුළත පොලිසීය විසින් ක්‍රියාත්මක කළ නිරෝධායන මෙහෙයුම්වලට අදාළව පුද්ගලයින් 417ක් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    බස්නාහිර පළාතෙන් පිටතට යන සහ ඇතුළට පැමිණෙන ස්ථාන 14ක සිදු කළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 7062ක් සහ වාහන 3558ක් පරික්ෂා කර තිබෙන බව ද පළාත් සංචරණ සීමා උල්ලංඝණය කළ 165කට අවවාද කර ඔවුන්ගේ වාහන සමඟ ආපසු පිටත් කර යවා තිබෙන බවද පැවසීය.

    පොලීසිය විසින් ක්‍රියාත්මක කරන නිරෝධායන මෙහෙයුම් අද (04) සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya