පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    චෙක් ජනරජයේ ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් හමුවෙයි

    ජූලි 04, 2021

    චෙක් ජනරජයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මහතා පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා හමුවිය.

    පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ දී පසුගිය දින මෙම හමුව සිදුව තිබේ.

    නැඟෙනහිර පළාතේ ආර්ථික,අධ්‍යාපන හා කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චෙක් ජනරජයේ සහයෝගය ලබා ගැනීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කර ඇත. ඒ සඳහා චෙක් ජනරජයේ මෙන්ම යුරෝපා සංගමයේ සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවට කොන්සල් ජනරාල්වරයා එකඟතාවය පල කර තිබේ.

    මෙම හමුවට පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, අමාත්‍යංශයේ උපදේශක සෙන්දිල් තොන්ඩමන් මහතා ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya