පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    කුලියාපිටිය, කුරුණෑගල සහ නිකවැරටිය රෝහල් වෙත රු.මි.3.9ක් වටිනා වෛද්‍ය උපකරණ

    ජූලි 05, 2021

    කොවිඩ් ආසාදනය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති වන රෝගීන්ට අවශ්‍ය කරන ඔක්සිජන් ලබාදීම සඳහා රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් හයිෆ්ලෝ යන්ත්‍ර 03ක් කුලියාපිටිය, කුරුණෑගල සහ නිකවැරටිය රෝහල් වෙත ලබාදීම සිදුවිය.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී FMCG බෙවරේජ් ආයතනය විසින් මෙම පරිත්‍යාග කිරීම සිදු කර තිබේ.

    රුපියල් මිලියන 3.9ක් වටිනා නවීනතම ඔක්සිජන් හයිෆ්ලෝ යන්ත්‍ර මෙසේ පරිත්‍යාග කල අතර එම උපකරණ කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙනුවෙන් එහි ප්‍රධාන ඖෂධවේදී මංජුලා රන්දුනු මහත්මියට , කුරුණෑගල ශික්ෂණ රෝහල වෙනුවෙන් එහි ප්‍රධාන ඖෂධවේදී මලින්තා ජයලත් මහත්මියට, නිකවැරටිය මහ රෝහල වෙනුවෙන් එහි ඖෂධවේදී ජී.එල්.ඩී. තිලංග මහතාට අදාළ සෞඛ්‍ය උපකරණ ලබාදුන්නේ ය.

    මෙම පරිත්‍යාගය සදහා FMCG බෙවරේජ් ආයතනය වෙනුවෙන් ඩස්ටි අලහකෝන්, මවුඩ් මෛජ්බූම් සහ මයන්ති වික්‍රමතිලක යන මහත්ම මහත්මීන් එක්ව සිටි අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ බයෝ මෙඩිකල් ඉංජිනියරින් ඒකකයේ තාක්ෂණික සහයෝගය මේ සදහා ලබාදෙන ලදි. 

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya