ගින්නෙන් සිදු වු හානියට වන්දි ලබා ගැනීම සම්බන්ධව සිදු කර ඇති කාර්යයන් සහ ආර්ථිකයට, ධීවර ප්‍රජාවට, පරිසරයට සිදු වු හානි තක්සේරු කිරීම මෙන්ම, වන්දි ලබා ගැනීම ,නීතිමය අධ්‍යයනයට පත් කළ කමිටුව මෙතෙක් සිදු කළ කාර්යය පිළිබදව විශේෂ අවධානයක් යොමු විය.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වන විට ලැබී ඇති වන්දි මුදල් බෙදා දීමේ දී පීඩාවට පත් ධීවර ජනතාව වෙත ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
සාගරයේ ගිලී ඇති කන්ටේනෙර් තුළ අවදානම් සහිත ද්‍රව්‍ය ඇත්නම් ඒවා ඉවත් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු වු අතර, ඒ සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවත්, යම් හෙයකින් ඒවා මුහුදු ජලය සමඟ මිශ්‍ර වුවහොත් යළිත් මුහුදු වෙරළ අපවිත්‍ර වීමෙන් පාරිසරික හානි මෙන්ම ධීවර ප්‍රජාව තවදුරටත් පීඩාවට පත් විය හැකි බවත් අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරීය, නාරා ආයතනය, වරාය අධිකාරීය, පරිසර අධිකාරීය, වෙළඳ නාවික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කළ අතර කඩිනමින් වාර්තාවක් ලබා දිය යුතු බවටත් තිරීණය විය.
ආර්ථිකයට වී ඇති හානිය පිළිබඳව තොරතුරු වාර්තා කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව මෙම සතියේ ලබා දෙන බව මෙහිදී සඳහන් වූ අතර සිදු ව ඇති හානිය පිළිබදව අධ්‍යනය කිරීම සඳහා මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විශේෂඥයින් විසින් ඒ සඳහා සිදු කර ඇති අධ්‍යයනයන් පිළිබදව මෙහිදි අවධානය යොමු අතර ඔවුන් විසින් ලබා දෙනු ලබන වාර්තාවන් ද යොදා ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා විය.
මෙම සාකච්ඡාව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරුන්, නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා ,අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් U.D.C. ජයලාල් මහතා , නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ හා අපද්‍රව්‍ය බැහැරලීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රි නිමල් පෙරේරා මහතා, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ඇතුළු විවිධ ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.