අද (06) දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ දී අමාත්‍යවරයා මේ
බව කියා සිටියේය.
එමෙන්ම, ශ්‍රී ලංකාවට කාබනික පොහොර අනයනයන කිරීම ප්‍රථම වතාවට සිදු කෙරෙන්නක් බැවින් කාබනික සංඝටක සහ ස්වභාවික අමුද්‍රව්‍ය පිළිබඳව හඳුනාගැනීමක් සිදු කෙරෙන බවත් සඳහන් කළ ඒ මහතා, පොහොර සම්බන්ධව ගැටළුවක් මෙරට දක්නට තිබෙන බවත්, මේ වන විට ඒමේ රසායනික පොහොර ගෙන්වීමේ සමාගම් වලට සම්පුර්ණයෙන් ම තහනම් කර ඇති නිසා සහ ඒ සම්බන්ධව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මෙරට සිදු නොවෙන නිසා එම සමාගම් විසින් ඉතාම ස්වල්ප ලෙස පොහොර බෙදා හැරීම සිදු කරන බවත්, එම පොහොර ක්‍රමානුකුලව බෙදා හැරීමේ අපහසුතාවය ප්‍රධාන ගැටලුව වී ඇති බවත් කියා සිටියේය.
තවද, විශාල වශයෙන් පොහොර ලබා ගත් ගොවි මහත්වරුන් හට එම පොහොර ලබා ගැනීමට දුෂ්කර වී ඇති නිසා ඔවුන් නොසන්සුන්තාවයට පත්ව ඇති නමුත්, දීර්ඝ කාලයක් මුළුල්ලේ රසායනික පොහොර භාවිතා කිරීම නිසා පස අජීවී වීමත් රෝගාබාධ වැඩි වීමත් නිසා ජිවත් වන පරපුර සහ නූපන් අනාගත පරපුර පිළිබඳව සළකා ගත මෙම තීරණය නිසා අන්තර් කාලය තුළ යම් යම් අපහසුතා ඇතිවිය හැකි නමුත්, එය රටේ අනාගතය වෙනුවෙන් එකී කෙටිකාලීන අපහසුතා ඉවසීමෙන් වඩාත් යහපත් කෘෂිකාර්මික සහ සෞඛ්‍යමත් අනාගතයක් උදා කරගැනීම උදෙසා සියල්ලෝම එකාවන්ව කටයුතු කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.