සියලුම දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය පොහොර තොග මේ වන විටත් හඳුනාගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා පෞද්ගලික සමාගම් ඒම පොහොර තොග බෙදා හැරීම සිදු නොකළ බැවින් මෙම පොහොර හිගය ඇති වූ බව පෙන්වා දුන්නේය.ඒ අනුව එළඹෙන මාස හතරේ කිසිදු පොහොර හිගයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළේය.
යල කන්නයේ ගොවියාට අවශ්‍ය පොහොර තොග ලබා දීමටත්, මහ කන්නයේ සිට කාබනික පොහොර ලබා දීමට සහ නිෂ්පාදනයේ යම් අඩුවක් වුවහොත් ගොවියාට අවශ්‍ය වන්දි ලබා දීමටත් රජය සූදානම් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කාබනික පොහොර නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ගොවි ජනතාවට හෙක්ටාරයකට රුපියල් 12,500/-ක මුදලක් රජය ලබා දෙන බවත් , මෙතෙක් කලක් විදේශයන්ට ඇදී ගිය මුදල් ගොවිජනතාවට ලැබෙන බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.