පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙතෙක් කලක් කිසිදු සැළැස්මක් නොමැතිව තිබූ විවිධ ක්‍රීඩාවන්, ක්‍රමවත් කරමින් ජාතික සංචිත ගොඩ නැගීමට ජාතික ක්‍රිඩා සභාව පිහිට වූ බවත් , ක්‍රීඩා සඳහා ක්‍රීඩා සැළැස්මක්, සහ ක්‍රිඩකයින් හඳුනා ගැනීම මෙම ක්‍රීඩා සභාව මගින් සිදු කරන බව පෙන්වා දුන්නේය.
ක්‍රීඩා ආර්ථිකයක් මෙරට බිහිකරමින් ක්‍රීඩා භාණ්ඩ, ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදනය සහ ඊ ස්පෝර්ට්ස් නගා සිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් දකුණු ආසියාවේම ක්‍රිඩා තරඟ නවතා ඇති මොහොතක ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පවත්වමින් නැවත ක්‍රීඩා තරඟ ආරම්භ කිරීමට කටයුතු කළේ, අපේ රට බවද ක්‍රිඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.