රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(06 දින) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පාසල් අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පළමු වසරේ සිට 13 වසර දක්වා වන අධ්‍යාපන නාලිකා 13කුත් උසස් පෙළ විවිධ විෂයය ධාරාවන් යටතේ වන නාලිකා 04කුත් වශයෙන් මෙම නාලිකා ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, එමගින් රූපවාහිනියඔස්සේ දරුවන්ට අධ්‍යාපනය අඛණ්ඩව හැදෑරීමට අවස්ථාව හිමිවන බවත්, අමාත්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව දැනටමත් විෂය මාලා සම්බන්ධයෙන් වන රූපවාහිනී වැඩසටහන් පටිගත කරමින් පවතින බවත්, එම පටිගත කිරීම් අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණයට භාජනය වන බවත්, නුදුරේදීම එම පටිගත කිරීම් සූදානම් වූ විගසම අදාළ පටිගත කළ අධ්‍යාපන වැඩසටහන් රූපවාහිනිය හරහා විකාශය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් වන සහාය රජයේ නාලිකාවලින් මෙන්ම පෞද්ගලික නාලිකාවලින්ද ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.